මොනවාද කල යුත්තේ

  • 10 May 2018

තීක්ෂණ ශ්‍රී විජේසිංහ

අපි හරි කැමති දෙයක් තමා තෑගී බෝග කියන්නේ. ඇත්තටම මව්වරුන්ගේ දිනයටත් අපිට පුලුවන්නම් එයාලා වෙනුවෙන් යමක් කරන්න ඒක කොයිතරම්නම් ශ්‍රේෂ්ට වෙයිද ? ඒත් අපි මොනවාද කල යුත්තේ ? මොන වගේ දෙයක්ද එයාල වෙනුවෙන් දෙන්න ඕනේ ? මව්වරුන් කියන්නේ කිසිම දෙයක් ආපිට බලාපොරොත්තුවකින් තොරව විශාල මෙහෙවරක් කරන උතුම් කොට්ටාශයක්.. ඒත් අපිට පුළුවන්නම් පොඩි හරි දෙයක් එයාල වෙනුවෙන් අරගෙන දෙන්න,එයාලා වෙනුවෙන් කරන්න, අන්න ඒ දේ මුළු ජිවිත කාලය පුරාම ගලේ කෙටුවාක් මෙන් එයාලගේ හිතේ පැලපදියම් වේවි.

ඒත් පොදුවේ තෑගි බෝග අරගෙන දෙනවා කියන එකම විතරද අපිට තියෙන්නේ ?.. අම්මලාගේ ආශාවන් විවිධයි, ඇත්තටම ඒක කෙනාගෙන් කෙනාට එයාල හිතන පතන විදිහ,සමාජ තරාතිරම වැනි කාරණා අනුව වෙනස්වෙන දෙයක්.. තෑගී බෝගවලට ආශා නොකරන කෙනෙක් සමහරවිටක බෙහෙවින් ආශා වෙන්න පුළුවන් ඒ දවස පන්සලක, පල්ලියක වගේ තැනක ගත කරන්න. තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් හැමදාම කුස්සියට හිරවුණ ජිවිතයෙන් ටිකක් එලියට ඇවිත් එළියෙන් ආහාර වේලක් ගන්න හිතාගෙන පවුලේ කට්ටිය එක්කම එළිමහනකට යන්න.. ඔය හැමදේකටම කැමති නැති අම්මා කෙනෙක් කැමති වෙන්න පුළුවන් තම දරුවන් එක්ක වෙනදාට වැඩ වැඩිවෙලාවක් කතා බහ කරන්න.. මම කලින් කිව්වා වාගේ ආශාවන් වෙනස්, විවිධයි. ඒත් නිසැකවම කිවහැකි කාරනාවක් වන්නේ ඔය කොයි දේ නොකෙරුවත් අම්මා කෙනෙකුගේ හිතේ තම දරුවන් කෙරෙහි කිසිදු තරහක්නම් ඇති වන්නේ නෑ..උනුහපුලු පැටවාත් තම මවට මැණිකක් යැයි කියන්නෙත් අන්න ඒ නිසාමයි.. මොකද අම්මා කෙනෙකුගේ හිතක දරුවන් වෙනුවෙන් දුවන්නේ මහා පුදුමාකාර විදිහක රුධිර සමුදායක්.. ඒ තමයි අම්මලා..

කවමදාකවත් අම්මා කෙනෙක් වචනෙකින්වත් දරුවන්ගෙන් දෙයක් බලාපොරොත්තු වන්නේ නෑ. ඒ සමූහයක් වශයෙන් ගත්කල අම්මා නම් චරිතයේ විදිහ..වචනෙකින්වත් කිසි දෙයක් නොයිල්ලන අම්මලා ගැන හිතන්න, තමන්ගේ මව ගැන හොදා කාරවම දන්නේ තමන් බැවින් මොහොතක් හිතන්න, එහෙම හිතලා ඇය ආශාවන විදිහේ යමක් ඇය වෙනුවෙන් කරන්න.. මවකට එහි වටිනාකම රදාපවතින්නේ එහි ප්‍රාමාණය මත නොවන අතර එම චේතනාව මතයි.. ඔබ ඇය වෙනුවෙන් කරන දේ කුමක් වුනත් සමහරවිට මද සිනාවක් පා එය බාරගනිවී. නමුත් හද පතුලෙන් ඒ දේ වෙනුවෙන් සිනා රැලි ගොඩක් එක්ක මල් පීදේවි.. මල් වරුසා පිට පිට නැගේවි.. එලියට නොපෙන්නුවත් ඒ ලැබෙන පුංචි දේ නිසා දොර මුල්ලට වී කදුළු සලාවි.. ඉතින් හිතන්න, හිතලා ඔයාලටත් පුලුවන්නම් ඒ අය වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න, එයාලාට ඒ දේ හිමාලයා පර්වතය මෙන් මහා ලොකුවට දැනේවි...

Related Articles

wave

Comments (0)

wave
  • No comments yet.

Leave Comment

wave

Press ESC to close

function gtag() { dataLayer.push(arguments); } gtag('js', new Date()); gtag('config', 'UA-30012963-1'); LIFE.LK