මෙතරම් වැඩි හිටි නිවාස ඇයි



 

තීක්ෂණ ශ්‍රී විජේසිංහ

මේ ගෙවෙන්නේ පුදුමාකාර විදිහට වානිජකරණ වූ, කුමක් හරි දෙයක් තම ආත්ම වෙළදාම කරගත් කාර්යබහුල මිනිසුන් වෙසෙන සමාජ ක්‍රමයක්. ඒ සමාජ ක්‍රමය තුල කොයිතරම්නම් දරුවන් හා මව්වරුන් අතර තිබෙන සමගිය දුරස් වී ගිහින් ද.. මේ වන විට සිල්ලර කඩ මෙන් වැඩිහිටි නිවාසවල ව්‍යාප්තියක් ඔබට මට එදිනෙද ජීවිතයේදීම අනන්ත මුණගැහෙන්නට ඇති. ඒත් අපි මේ කියනා අයුරින් අපි මේ තරමටම මව්වරුන්ට ආදරේනම් මව්වරුන් වැඩිහිටි නිවාසවල බලාගත් අත බලාගෙන කල්පානා සාගරවල ගිලෙමින් තම දරුන්වන් නැවත පැමිනේදෝ චේතනාවෙන් ජිවත් වෙයිද ? මහ මග තැන තැන මෙවැනි ආකාරයට හරි හමන් හිසට වහලක් නැතුව එදා වේල හොයාගන්න මහන්සි වෙයිද ? ඇත්තටම ඒ ප්‍රශ්නය දැන් පිළිකාවක් මෙන් පැතිරීගෙන යන සමාජ ප්‍රශ්නයක් වෙලා අවසන්..

ඉතින් පුර දින දෙකක් පුරාවට මග තොට මුණගැහුණ පුද්ගලයන්ගෙන් ගෙන් මෙයට හේතුව කුමක් විය හැකිද යන්න සම්බන්දව මා විමසා සිටි අතර මා හට ඉතා විෂමශීලි හේතූන් ටිකක් දැනගන්නට ලැබුණි. එයින් බහුතරයකගේ මතය වුයේ අප ඉගනගෙන වැඩි වීම හා සමාජයේ අප තැනක වැජබෙන විට අම්මලාගේ තත්වය අප ගතකරන සමාජ පන්තියට නොගැලපීම යන්නයි.. ඇත්තටම එය එසේද ?.

විවිධ වචන හුවමාරුවීම්, දේපල සම්බන්දව ඇතිවන ප්‍රශ්න හැරුනුකොට මෙම වේදනාකාරී ප්‍රශ්නයක ප්‍රධානම හේතූන් ලෙස මමද දකින්නේ අර ඉහත කියන ලද හේතූන් ය.. මමද ඔව්න් සමග එකග ඒ නිසාමය..අද වන විට මේ සමාජක්‍රමය තුල ඉහල තලයට අධ්‍යාපනය ලබා උසස් සමාජ ස්ත්රයකය වැජබෙන්න ගත් මොහොතේ පටන් අම්මලා දරුන්වට මදි කමක් ය. ඇගේ රැලි වැටුන හම ලජ්ජාවට කරුණක් ය, ඇගේ කැත කුණු පිළිකුලට හේතුවක් ය, කොටින්ම කිවහොත් ඇගේ නුගත්කම අපිට මදි කමක්ය..ඉතින් ඔය හේතුන් මහලු මඩමට දොර ඇරෙන්නම හේතුවක් ය..

හුදෙක් අපට අකුරු කියවා ඇත්තේ අම්මාය. එසේ නොවුනත් මේ පුතේ අයන්න යනුවෙන් කියාදුන්නේ අම්මාය. එහෙව් අම්මාගේ අභාෂයෙන් ඉගනගත් අප සමාජයේ වැජබෙන කලක අම්මාව පිළිකුල් කිරීමම මොනතරම්නම් පාපයක් ද.. කොයි තරම්නම් අපේ කැත කුණු අත ගා ඇද්ද... ඒ අත ගාපු අත්වලටත් බීපු කිරිවලටත් ණය ගෙවන්නේ එසේද.. ලේ ටික කිරි වූවායෙන් පසුව එය ආහාරයක් කරගෙන කශේරුකාව කෙලින් කරගත් අපම එවැනි ක්‍රියාවක් කිරීමට පෙලබෙනවානම් කොයිතරම්නම් පාපකාරිද.. පසුව වැඩිහිටි නිවාසයකටද ගොඩ වැදුණු මට අසන්න ලැබුනේද ඉහත කී කාරණාවන්මය.. දෑස් තෙත් වී තොල් වෙව්ලන මව්වරුන් කියා සිටියේ තම දරුවන් මහත් උගතුන් බවත්, ඒ අය ගාවට වයසක අපි දැන් නොයායුතු බවත් ය.. තිදෙනකු හැරුණු විට අනෙකුත් සියලුමදෙනාගේ දරුවන් ජිවතුන් අතර වගේම ඔවුන් අද සමාජයේ ඉහල තැන්වලය... ඒත් කිව යුතුම කාරනාවනම් දරුවන් එසේ ඔවුන්ව තනිකර ගියත් ඒ තෙත් වුන දෑස් කොයි මොහොතකවත් තම දරුවන්ට විරුද්දව එක වචනයක් තියා සුසුමක්වත් හෙළුවේ නැත.. ඒ අම්මලාය.. අපට ආ මග හොදින්ම ඔලුවේ තිබිය යුතුමය. අපි ස්ථාවරයකට ආවත්, බුද්ධි මට්ටමෙන් ඒ අයට වඩා අප ඉහලින් වුනත් අපි වෙනුවෙන් කල සේවාවන්, කැපකිරීම් අප මනසේ තිබිය යුතුමය. මේ මගතොට වෙසෙන අම්මාලා වගේම වැඩි හිටි නිවාසවල ගතකරන අම්මලාගෙත් වසාන්තය උදා කිරීමටනම් අප කොතරම් කාර්යභහුල වූවත් ඔව්න් වෙනුවෙන් කාලය කැපකල යුතුමය.. මගබලාගෙන තම දරුවන් එන තුරු දෑස් තෙත්කරන මව්වරුන්ට වසන්තය ගෙන එන්න හැක්කේ එසේමය..

Related post

Three tries, one World Title Omar Hazari’s story
The Enemy in the Next Room: How Digital Misogyny Turned the Sri Lankan Home Inside Out
MANHUNT INTERNATIONAL WORLD FINAL 2026
Belle Colombo Turns One And It’s Only Getting Started
Pretty Dolls: A hobby that grew into a Family Venture