මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය



 

තීක්ෂණ ශ්‍රී විජේසිංහ

මව්වරුන්ගේ දිනය කියන්නෙ ලෝකෙ පුරාම විවිධාකාර නිරීක්ෂණයන්ට ලක්ව තිබෙන දවසක්.ඇමරිකානු ජාතික ඇනා ජාවිස් 1905 වර්ෂයේ තම මවගේ වියෝවෙන් පසුව 1908 දී මව්වරුන්ගේ දිනය නම් කරන අතර එය හුදෙක් දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ට කරන උපහාරයක් වශයෙන් තමයි මේ දවස නිර්මාණය වෙන්නේ. ඒ වගේම 1912 වන විටදී ලෝකයේ බොහෝ රටවල් වගේම බොහෝ රාජයන් මව්වරුන්ගෙ දිනය සම්මත නිවාඩු දිනයක් ලෙස පිළිගනු ලබනවා.. 1914 දී මෙය නිල එක්සත් ජනපද නිවාඩු දිනයක් විදියට ඇමරිකා එක්සත් ජනපදය නම් කර තිබෙන නමුත් ඇනා ජාවිස් විසින්ම මේ නිවාඩු දිනය පසුව හෙලා දැක ඇති බවටද ඉතිහාසය ශාක්ෂි දරනවා..ඇගේ ජීවිතේ අග භාගයේදි මේ දිනය කැලැන්ඩරයෙන් පවා ඉවත් කරන්න ඇය මහත් උත්සාහයක් දරා ඇති බවටද සදහන්වන නමුත් අදටත් එක්සත් ජනපදය තුල මව්වරුන්ගේ දිනය උත්සවශ්‍රීයෙන් පවත්වනව අතර, සාම්ප්‍රදායික මල් පොකුරු දීම්, කාඩ් පත් හා විවිද තෑගි බෝග ලබා දීම් ඒ දිනයේදී සිදුවෙනවා

පුරාණ ග්‍රීක හා රෝම ජාතිකයන් මව්වරුන්, මාතෘත්වය යන දේවල් සැමරීම සඳහා මව්වරුන්ගේ හා මාතෘත්වයේ දෙවඟනන් ලෙස සලකන රියා සහ සයිබේල් යන දෙවගනන් සඳහා වැදුම් පිදුම් මංගල්‍යය පවා පවත්වනු ලබනවා.. ඒත් මව්වරුන්ගේ දිනය සඳහා ඉතාම පැහැදිලි පූර්වාදර්ශයක් විදියට අපට දැකගන් පුලුවන් වන්නේ මුල්ම ක්‍රිස්තියානි මංගල්‍යයයි.

ඇනා ජාවිස් මේ දවස නම් කීරීමත් සමගම රසකැවිලි වෙළෙන්දන් , මල් විකුණන පුද්ගලයන්, කාඩ්පත් වෙළෙන්දන් වගේම තෑගි බෝග වෙළදාමේ නිරතු පුද්ගලයනුත් මෙම දිනය හුදෙක් වානිජකරණය වුන සමාජය තුල තවත් එක් මුදල් ඉපැයීම සදහා වූ දවසක් වෙනුවෙන් මේ දවසක් කර ගැනීමට නිසා කලකිරුණු ජාවිස් මේ මුදල් ඉපයීම් නවත්තන්න කියා මිනිස්සුගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එයට එකඟ වීමක් සිදු නොවේ...

ඉතින් මව්වරුන්ට උපහාර පිණිස ආරම්භකරපු මව්වරුන්ගේ දිනය පසු කලෙක තවත් වානිජකරණයට හසු වූ දිනයක් වෙන්න පටන් ගන්නවා. මේ වනවටිනම් වර්තමානයේදී මව්වරුන්ගේ දිනය දේශපාලනික හා ස්ත්‍රීවාදි හේතුන් මත පමණක් සමරන්න පටන්ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා..ඒ වගේම ඇමෙරිකානු බැප්ටිස් ඇමතිවරයෙකු වූ මාටින් ලූතර් කිංගේ බිරිඳ වන කොරෙටා ස්කොට් කිං 1968 දී අඩු ආදායම් ලාභි මව්වරුන්ට හා දරුවන්ට සහාය දැක්වීම සඳහා මව්වරුන්ගේ දිනය යොදාගෙන ඇති බවට ඉතිහාසය ශාක්ෂි දරනවා.. නමුත් කෙසේ හෝ අද වනවිට මේ මව්වරුන්ගේ දිනය විවිද රටවල්හිදී විවිද අයුරින් සැමරීම් කරනු ලබනවා..

Related post

‘Bengal Bungalow’ Hits the Stage This Weekend
Buzz with Danu: Room Number 106
Four Waterfront Walks in Colombo
The Age of Digital Deception
The Weight You Can’t See