මව්වරුන්ගේ දිනය එක දිනකට සීමා වීම සාධාරණද



තීක්ෂණ ශ්‍රී විජේසිංහ

"අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලාගත්තාය. ඇගේ ඇස් කදුළින් තෙත් වී තිබුනද ඇය නොහැඩුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල් යුතුව කතා කළාය. මගේ රත්තරනේ.. "

ඒ ලොව සුපතල මස්කිම් ගෝර්කිගේ "අම්මා" කෘතියේ එක් තැනක අම්මාගේ ආමන්ත්‍රණයකි. අම්මලා එසේය. ගැහෙන පපුව ඇතුලේ දුවන අම්මා කෙනෙකුගේ ආදරය දොරේ ගලා යන තරමට ය. ලේ ටික කිරි කොට ජීවයක් පෝෂණය කිරීමට තරමටම ඒ ආදරය ආත්ම ගත බැදීමක් ය. කෙනෙකු කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරයිද, ඒ කැපකිරීම ඇති උපරිම ස්ථානය ලෙස මම දකින්නේ ද අම්මා කෙනෙකු තම දරුවා කෙරෙහි නොමසුරුව දක්වන අපිරිමිත කැපකිරීම වේ. යශෝදරා කතා පුවත හා මහාමාය කතා පුවත හොදාකාරව දන්නා ඕනෑම කෙනෙකුට මවකගේ කැපකිරීම, සෙනෙහස සම්බන්දව තවත්නම් උදාහරණ කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. ඒවායේ හරි අපූරුවට ඒවා සටහන්ව ඇත.

ගෙදර බුදුන් ලෙස නිරුදාවලිය ලත් උතුම් මවකගේ ආශිර්වාදය අභිබවා යන ආශිර්වාදයක් මේ වනතෙක්නම් මිහිපිට ජිවත්වන වෙනත් ජීවයක් තුලින්නම් මේ වනතුරුම දැක නැතිතරම්ය. එහෙත් එලෙස නිතර දෙවේලේ ලග හිදිමින් දැනමුතුකම් දුන් මවකගේ වියෝව කොයි තරම්නම් වේදනාවාක්ද.. අවශ්‍යම වෙලාවක තම මෑණියන්ගේ වියෝවත්, එම වියෝව අපට කෙතරම් බලපාවිද යන්නත් සම්බන්දව සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරන "දෙවන බුදුන් ලෙස " ගීතයේ හරි අපුරුවට දක්නට ඇත. එහි අවසන් පද පේලියේ මෙසේ සටහන් වේ..

ඇසට හඩන්නට කදුලැලි දුන් ඔබ

ලතැවුල් දරනා දිරිය ලබා දුනි

ඒ දිරියෙන් ලොව ජය ලබනා විට

මා සිප ගන්නට ඔබ මා ලග නැත

 

පද මාලාවේ රචකයා වන සුනිල් ආරියරත්න මහතා කොයිතරම්නම් අපූරුවට කුරිරු වේදනාවාක් හරිම රසවත්ව එම ගීතය තුල සුසංයෝගය කර ඇද්ද. අම්මා යනු ඇයයි..

කෙනෙක් කිසිදු වෙතනයකින් තොරව කෙනෙකු වෙනුවෙන් දවසේ පැය විසි හතර පුරාවට සේවයක් කරයිනම් ඒ අම්මා කෙනෙකු තම දරුවන් කෙරෙහි දක්වන සේවයම වේ.. එහෙව් අම්මා කෙනෙකු වෙනුවෙන් දවසක් තීරණය කරගෙන එදාට පමණක් සැමරීම සාධාරණද ? මව්වරුන්ගේ දිනය යනුවෙන් ලෝක දිනයක් වෙන්වීම සාධාරණ නමුත්, එදාට පමණක් සිහි වී එය සමරනාවානම් එය සාදාරණද..? දිනයකට සැමරීම සාදාරන නමුත් එදාට පමණක් සිහි වී අතිශෝක්තියෙන් සැමරීමක් කරනවානම් ඇත්ත වශයෙන්ම දවසක් වෙන්වීම සම්බන්දව කොහෙත්ම සාදාරනායක් දකින්නට බැරි තරම් ය.

අප ජිවය ලබන්නත් ප්‍රථම සිටම කැපකිරීම් කොට, අදටත් මහන්සි වී අනාගතයේ පවා වෙහෙසීමට නොපැකිලිව ඉදිරිපත් වී මියැදෙන තුරුම අප වෙනුවෙන් කැපවෙන අම්මා කෙනෙකුට අපි දවසක් දාගෙන කැපවෙනාවානම් ඇත්තටම එහි තේරුම වස්ත්‍රාභරණ ගොඩක් ඇතුලේ නිරුවතක් බදුය...

අවසානයේ සිහි ගැන්වීම සදහා මෙසේ සටහන් කරමි

 

අම්මාගේ අත පිලී ගදය

ඒත් තැම්බූ මාලු කෑල්ලේ රස

අජරාමරය

 

අතේ නියපොතු

නාලාගිරිට බල්බ් දැමූවා සේ නොවීය

ඒ නිසා අදටත් කෑම වේල

ත්‍රයිලෝක රසය

 

ප්‍රමාණෙකට ඉගනගත් අම්මා

සීමාවාරණ නැතුව අපට ඉගැන්නුවාය

වෙහෙසුනාය

අඩු මිල ඇදුම ගත්ත අම්මා

කොයි වෙලෙත් හොද එක

අපේ ඇගේ ගැස්සුවාය

 

එක කේක් කෑල්ල ඇති විට

කේක් ප්‍රිය නොකලේ

අම්මාය

 

බුදුන් නැති තැන බුදුන්ය

හිටිය තැනදිත්

නියත විවරණ දුන් අම්මාය

 

එහෙව් අම්මා මතුබුදු විය යුතුමය..

Related post

Three tries, one World Title Omar Hazari’s story
The Enemy in the Next Room: How Digital Misogyny Turned the Sri Lankan Home Inside Out
MANHUNT INTERNATIONAL WORLD FINAL 2026
Belle Colombo Turns One And It’s Only Getting Started
Pretty Dolls: A hobby that grew into a Family Venture