අබාධිත දරුවෙකුගේ මවකට ඇති අභියෝග




තීක්ෂණ ශ්‍රී විජේසිංහ

විවිධ හේතූන් නිසාවෙන් අප ගැවසෙන සමාජය තුලම අසාමාන්‍ය දරු උපත් හෙවත් අබාධිත දරු උපත් සිදුවීම දක්නට ඇත.. මුළු මහත් සමාජයක් ඉදිරියේම අසාමාන්‍ය වුනත් තම දරුවන්ගේ අවශ්‍යතාවයන් හරිආකාරවම ඉටුකරන මව්වරුන්ට ඔබට මට ඕනෑතරම් එදිනෙදා සමාජයේම මුණගැසී ඇත..නෙතට පවා කදුලක් උනන මෙම සිද්දි දාමයන් එදිනෙදා මගතොටදී මට නෙතගටුණු තැනක් විදිහට මම දකින්නේ තිබිරිගස්යායට කිට්ටුවෙන් තිබෙන චිත්‍රා ලෙන් බස් නැවතුම් පොළ අසල පාසල් ඇරෙන වෙලාවයි..

දිනක් මම බසයක් පැමිණෙනතුරු මගබලා සිටි මොහොතක, මවක් තම දරුවාද කැටුව එම නවතුමටම ගොඩවැදුනාය. දරුවා බැලූ බැල්මටම අසාමාන්‍ය ය.. ඒත් වාසනාවට කරුණනම් ඒ අම්මාගේ කසිම අසාමාන්‍ය ගති ලක්ෂණයක් දරුවා කෙරෙහි තිබුනේ නැත.. අම්මා අම්මාම ය. වතුර බෝතලේ මුඩිය විවරකර දීමේ සිට සියලුම වැඩකටයුතු මේ අම්මා සිදුකරන අයුරු මම හොදින්ම දුටුවාය.. ඇගේ කල්කිරියාව මට ගෙනදුන්නේ මව්වරුන් ගැන උපරිම භක්තියක් ය..

මෙවැනි ඇදහිය යුතු කැපකිරීම් කිරීමම කොයිතරම්නම් උතුම් ද.. නොයිවසිලිමත්කමට හෝ තමන්ගේ හදිසියට සිදුවන දරු උපත් ගබ්සාවලින් කෙලවර වෙන කාලෙක, දරුවන් බිහිවුනත් මහ මග හෝ කුණු ගොඩේ දමා යන කාලෙක මෙවැනි මව්වරුන් ඇදහීම පවා සිදුකලත් එහිනම් වරදක් නැත.. තාමත් හිතාගන්න බැරි මේ පදවිය ඇත්තටම මරියානා ආගාදය මෙන් ගබුරුය, එවරට්ස් මෙන් මහා විශාලය..පුදුමාකාරය ..

හතරදෙසට මිරිකෙන සමාජයතුළ ආබාධිත අසාමාන්‍ය දරුවෙකු සමග ගෙවන ජීවිතය කොයිතරම්නම් අපහසුද.. නමුත් දෑසේ සේයාවකින්වත් ඒ ගැන වගක් මේ වනතෙක්නම් මා දැක නැත.. හරියාකාරව අහාර ගැනීමට නොදත් දරුවාට කවන්නේ පොවන්නේ අම්මා ය. අකුරු කරන්නේ අම්මාය, ඇදුම් අන්දවන්නේ අම්මාය. මහ මග බස් රථවල නොතේරෙන කමට බෙරිහන් දෙන මොහොතක පවා තවත් තුරුල් කරගෙන "එපා පුතේ" යනුවෙන් කියන්නේ අම්මාය.. අසාමාන්‍ය බව දැන දැනත්, අනාගතේ මුහුණපාන්න වන කරුනුකාරනා ගැනද හරියාකාරව දැනගත් අම්මා තම ලෙයින් උපන් දරුවාව ජිවත් කිරීමට කොයි තරම්නම් වෙහෙසක් දරනවා ඇද්ද, සාමජයේ ඇස් දහසක් ඇය වෙත කොයි මොහොතේත් එල්ලවෙන බව දන දැනම කරන වීර්ය කොයි තරම්නම් ශ්‍රේෂ්ටද..

අනෙක් දරුවන් කෙලි සෙල්ලම්වල යෙදෙන අවස්ථාවන්වලදී තම දරුවාගේ ඔලුව අත ගා තමාගේ හිත කොච්චරනම් ඒ අම්මා ශක්තිමත් කරගන්නට ඇද්ද..වටාපිටාව ගැන තැකීමකින් තොරව ප්‍රශ්න රාශියකට තිත තබමින් නොඅඩුව තම දරුවාට සෙනෙහස ලබාදෙන ඒ අම්මා, අපට තේරුම්ගන්නට අපහසු මව්පදවිය ගැන ගබුරුම පුර්වාදර්ශය දෙන උතුම්ම අම්මාය...

Related post

Three tries, one World Title Omar Hazari’s story
The Enemy in the Next Room: How Digital Misogyny Turned the Sri Lankan Home Inside Out
MANHUNT INTERNATIONAL WORLD FINAL 2026
Belle Colombo Turns One And It’s Only Getting Started
Pretty Dolls: A hobby that grew into a Family Venture