නූතනවාදී මාතෘත්වය

May 10 2018.

views 189


තීක්ෂණ ශ්‍රී විජේසිංහ

ඉතිහාසයේ සිට බලන විට උතුම්ම පදවිය මව් පදවිය වුනත් වර්තමානය වනවිට එය හෙමින් ක්ෂය වන බවක් දක්නට ඇත. ඇත්තටම එයට හේතුව කුමක්ද යන්න කෙනෙක් ඇසුවොත්, එම ප්‍රශ්නයට සංකීර්ණ භාවයකින් තොරව සාමාන්‍ය විදිහට පිළිතුරක් දෙනවානම් එයට හේතුව ලෙස මම දකින්නේ දැනට මේ පවතින ඩිජිටල්කරණය වූ නූතනවාදී මේ සමාජ ක්‍රමයයි. ඒ සමාජ ක්‍රමය තුල මේ වෙද්දී දරුවාට තම මෑණියන් වගේම මෑණියන්ට තම දරුවන්ද ගිලිහී යන වාතාවරණයක් නිර්මාණය වී අවසන්..

ඉතිහාසය තුල දරුවන් තම මව්න්ගේ මව්කිරිවලින් පෝෂණය ලැබුවද මේ 21 වන සතවර්ශය තුල සමහර ස්ත්‍රීන් තම ශරීර මනාව පවත්වාගෙන යෑම උදෙසා කිරි දීම පවා ප්‍රතික්ශේප කල ඇති අයුරු එදිනෙද වුවද අප දෑස ගැටෙන කරුණක් වී ඇත.තවත් සමහරකට තම රාජකාරි කටයුතු නිසාවෙන් තම දරුවන්ව මග හැරී ඇත. උදැසනින්ම අවදි වී තම රාජකාරි තකා දුවන කාර්යභහුල මව පුරුදු වී ඇත්තේ තම දරුවන්ව නිවසේ සේවයට ඇති ස්ත්‍රිය අතේ තබා හෝ දිවා සුරැකුම් මධ්‍යස්තානයකට භාර දී නැවත වැඩ අහවරකර පැමිණීමේදී රැගෙන ඒමටය..

තවද නියරටා පවත්වාගැනීමට හෝ වෙනත් කරුණු කාරණා මත දිවි ගෙවන සමහර අම්මලා හරි හමන් යමක් දරුවන් උදෙසා උයාපිහා දීමට පවා මැලිකමක් දක්වයි.දරුවන් හඩනා විට නැලවීමට පවා හරිහැටි නොදන්නා මව්වරුන් වගේම සිය දරුවන් ශරීරයේම කැත කරගත් අවස්තාවක එය පිරිසිදුකොට නැවත නැපි ඇදුමක් ඇන්දවීමට පවා හරිහැටි නොදන්නා මව්වරුන් ඔබට මට අනන්ත මුණ ගැසී ඇද්ද.. කලකට පෙර අතීතය දෙස ආපසු හැරී බැලුවොත්, තම දරුවන් අත දරුවන් කාලයේ දී රෑ තුන් යම දරුවා සමග අවදියෙන් වගේම හරි සීරුවට පසු විය. එත් වර්තමානයේ ඔබට මට මුණගැහෙන මව්වරුන් කිදෙනේක්නම් මහා රෑ පුරාවට කට කපා නිදිද ? ඒ අවසිහිය නිසා වී ඇති අනතුරුනම් කොපමණක් ඇද්ද..

"අම්මා" කියන උතුම් ස්ත්‍රී පදවිය හීන වෙමින් ආගදයට ඇදෙන මේ යුගය තුලම සියලු දේ හරියාකාරව සමබරව හා වගකීමෙන් යුතුව කටයුතු කරන ස්ත්‍රීන්ද මේ භුමිකාවේම වෙසෙනවා..ඒ අය ගැනත් මේ මාතෘකාව තුලම කතා නොකර මග හරිනවානම් ඇත්තටම එය විශාල අතපසුවීමක්.. ඉතින් එහෙම වගකීම් පැහැර නොහරින උතුම් උදවිය ගැන ලියවුනු අපූරු කවි පන්තියක් යශෝදා සම්මානි ප්‍රේමරත්න නම් කිවිදියගේ "ඉතා කෙටි කලබල සිහින" නම් කෘතියේ හැත්තෑ හය වන පිටුවේ සදහන් වෙනවා.. "ස්මාර්ට් අම්මා" නම් වූ එම කවි පන්තියේ එක පදවැලක් උපුටාගෙනම මේ කතාව අහවරකරන්න තීරණය කරා.. එය මෙසේ විය

 

"ස්ට්‍රේට් කෙස් මැදින්

දිලෙන තරු ඇස දෙකේ සෙනේ නැත නිම්මා

ස්මාර්ට් කැෂුවල් ඇදන් වැඩට යන

ස්මාර්ටීස් අහුරක් අරන් ගෙදර එන

ඇගේ නමත්

රත්තරන් අම්මා"

 



0 Comments

Post your comments

Your email address will not be published. Required fields are marked *

Most Popular

Instagram